පොලිස් වෙඩි පහරින් 16 හැවිරිදි දරුවෙකු රාගම රෝහලට

Sri Lanka Police Law and Order Gun Shooting Latest Headlines Sinhala news
By R.rishma Oct 31, 2026 11:58 AM GMT
Report

කඩවත මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි පිරිමි ළමයෙකු තුවාල ලබා තිබෙනවා.

වාර්තා වන ආකාරයට, පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය විසින් මෙලෙස වෙඩි තබා ඇති බව සඳහන්.

එහිදී තරුණයාගේ සුසුම්නාව ආශ්‍රිත ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 16 හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.