ප්‍රධාන මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියාට සිදුවූ දේ මෙන්න..

Sri Lanka Police Sri Lanka
By Aruna Dec 23, 2022 02:29 AM GMT
Report

ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අංශ ප්‍රධානියාගේ පානදුර පිහිටි නිවස බිද දේපළ සොරාගත් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කළුතර දිසාවේ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොලගේ සජිත් ෆොන්සේකා හෙවත් පින්වත්තේ දමින්ද යන අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙක්.

සැකකරු විසින් පසුගිය 19 දා අලුයම පානදුර කෙසෙල්වත්ත පරත්ත ප්‍රදේශයේ පිහිටි එම නිවසට ඇතුල්වී ඇත්තේ පිටුපස ජනේලයෙන් බවයි විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.

සැකකරු එම නිවසින් සොරකම් කර තිබූ රන් වලලු 4 ක්, අත් පළදනාවක්, පෙන්ඩන්ට් 2 ක් සහ ඔහු සතුව තිබූ රුපියල් පනස් දහසක මුදලක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සි.සි.ටි.වි. ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවෙන් සැකකරු හදුනා ගැණුනේ පානදුර උතුර පොලිසිය විසින්.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට අලුත්ගම පිහිටි කළුතර දිසාවේ අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරුණා.

ඒ, බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි.

සැකකරුවන් විසින් තවත් නිවාස කිහිපයක් සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් බිද සොරගත් දේපළ කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now