බීමතින් යකා නැටූ මන්ත්‍රී පොලිසියෙදි කරපු දේ මෙන්න. කාන්තාවකටත් කරදර කරයි.(VIDEO)
Police spokesman
Sri Lanka Police
Sri Lanka Politician
Sri Lanka
By Aruna
අත්තනගල්ල ප්‍රාදේශීය සභා පොදු ජන පෙරමුණ මන්ත්‍රී චාමින්ද හෙට්ටිආරච්චි බීමතින් එම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි කාන්තාවට සහ නිවැසියන්ට පහරදීමට උත්සහ කර ඇති අතර නිසේ තිබූ භාණ්ඩවලටද අලාභ හානි සිදු කර තිබෙනවා.
ඒ සමබන්ධයෙන් අදාළ කාන්තාව අත්තනගල්ල පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පොලිසියටද පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබෙනවා.
බීමත්ව රිය පදවා පොලිස්ථානයට පැමිණ නොහොබිනා ආකාරයෙන් හැසිරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පසුවඅත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |