තම පෙම්වතියට බිම දමාගෙන පහරදුන් පෙම්වතාට අවසානයේ සිදු වූ දේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Jul 05, 2023 06:38 AM GMT
Report

තම පෙම්වතියට අමානුෂික ලෙස පහර දුන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත් හිටුවා තිබෙන බව වාර්තා වනවා.

මෙම පහර දීම සිදු කර ඇත්තේ කිළිනොච්චිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ නිලධාරියා තම පෙම්වතියට බිම පෙරළා ගෙන පහර දී ඇති අතර මෙහි දී එම තරුණිය බරපතළ තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තරුණිය තණමල්විල රණව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය අදාළ නිලධාරියාට එරෙහිව නීති මගින් කටයුතු කිරීම ආරම්භ කර ඇති බවයි.