මිහින්තලේ ලොකු හාමුදුරුවන්ට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයාට වැඩ වැරදෙයි..
පසුගිය කාලයේ දී මිහින්තලා රජමහා විහාරයේ, විහාරාධිපති හිමියන් වන පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට මරණීය තර්ජන එල්ල කළ පුවතක් වාර්තා විය.
ඒ රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලමින් ය.
අද (25) උදෑසන එම සිද්ධියට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් ය.
ඔහු තම නිවසේ රැදී සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
සැකකරු විසින් 2023 වසරේ ජුනි 1 වනදා රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට නිර්ණාමික දුරකථන ඇමතුම් ලබා දී මරණීය තර්ජන එල්ල කර තිබිණ.
ඒ සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.
කෙසේ වෙතත්, ඒ අනුව සිදු කළ විමර්ශනයකින් පසුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Sponsored By Sarrita Jewellery