සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි - එහි සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 11, 2023 06:15 AM GMT
Report

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රත්මලාන ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

එම සිදුකළ වැටලීමෙන් ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු හා ගණිකා සේවයේ යෙදීමට රැඳී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වූ වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරියන් අවුරුදු 36 හා 42 වයස්වල පසුවන වත්තල හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

කෙසේ වෙතත්, අද (11) දින ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.