බඹර පහසින් බිරිඳ මත් කළ සැමියා තම බිරිඳ වෙනත් කෙනෙක් සමග අඹු සැමි ඇසුරක යොදවා වීඩියෝ කරලා.. අන්තිමට තුන්දෙනාම නැවතුණු තැන...
විවාහක ස්වාමි පුරුෂයා ඔහුගේ මිතුරෙකු වූ විසි තුන් හැවිරිදි තරුණයෙකු සමග රාත්‍රියේ මත්පැන් පානය කර, අනතුරුව එම තරුණයා සමඟ තමන්ට සිය නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර එම දර්ශනය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සතුටු වූ ස්වාමියකු පිලිබදව පුවතක් වාර්තා වෙනවා.
ඒ වාද්දුව ප්‍රදේශයෙන්.
සැකකාර ස්වාමියා හා තරුණයා පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ විවාහක කාන්තාව පොලිසියට කළ පැමිණිල්ල අනුවයි.
වාද්දුව නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ඒ තුළම දිවි ගෙවන පනස් හැවිරිදි පුද්ගලයකු හා හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු මවක් වන අඹු සැමි යුවල, නවාතැනට එම ප්‍රදේශයේම පුද්ගලික සංචාරක විලා ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයකු තම නීත්‍යානුකූල ස්වාමියා විසින් කැඳවා දෙදෙනා එක්ව මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර බිය වැද්දු බවටයි විවාහක කාන්තාව පැමිණිලි කර තිබෙන්නේ.
බිය වැද්දීම හේතුවෙන් තමාගේ අකමැත්තෙන් එසේ හැසිරීමට සිදුවූ බව බිරිද පවසා තිබෙනවා.
එමෙන්ම ජංගම දුරකථනයෙන් සිය සැමියා විසින් වීඩියෝ ගත කර බවත් පසුව තම ස්වාමියා මධ්‍යම රාත්‍රියේ ජංගම දුරකථනයෙන් ගත් එම දර්ශන නරඹා සතුටු වෙන අවස්ථාවේ දුරකථනය ඇය උදුරා පොලවේ ගසා තිබෙනවා.
අනතුරුව උදෑසන එළිය වැටුණු පසු පොලිසියට පැමිණ මෙසේ පැමිණිලි කර ඇතැයි පොලීසිය පවසනවා.
මෙම යුවළට වැඩිහිටි දරුවන් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ නැවතී අධ්‍යාපනය ලබන
බවයි වාර්තා වන්නේ.