මෙරට මහා පරිමාණ මත් ජාවාරමක් වැටලූ ප්‍රභල මෙහෙයුමක්..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By Sithumi Feb 07, 2024 06:26 PM GMT
Report

වැඩ බලන පොලිස්පතිතුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය III හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.05 වන දින මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල හංදිය අසල මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

මෙරට මහා පරිමාණ මත් ජාවාරමක් වැටලූ ප්‍රභල මෙහෙයුමක්.. | Police Arrested Two Person At Negombo

එහි දී තීරුබදු රහිතව නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද වෙළදපොල වටිනාකම කෝටි 04 ක් පමණ වන MANCHESTER වර්ගයේ දුම්වැටි 400,000 (ලක්ෂ 04 ක්) ලොරි රථයක් මගින් මීගමුව ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි නාත්තණ්ඩිය හා කොච්චිකඩේ ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ක හා 32 ක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.