කෝටියක් වටිනා කේරළ ගංජා වැටලූ සූක්ෂම මෙහෙයුම.

Sri Lanka Police Mannar Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 03, 2023 06:12 AM GMT
Report

මන්නාරම - පල්ලමඩු පාරේ දී රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 86ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම පොලිසිය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගැණින.

ඒ මන්නාරම පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මතයි. 

පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී කිලෝ ග්‍රෑම් දෙක බැගින් අසුරණ ලද කේරළ ගංජා පැකට් තොගය හමු වී තිබෙනවා.

එම සැකකරුවන් වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීම සඳහා මෙම කේරළ ගංජා තොගය රැගෙන යමින් සිට ඇත්තේ.

කෙසේවෙතත්, 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනා මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.