ලෙඩ වුණ කිරිසප්පයන් තිදෙනා නිවසෙහි අගුළු දමා සිර කර වන්දනාවේ ගිය දෙමාපිය යුවළ - වන්දනාව නිමා කර ගෙදරට එද්දිම වුණ වැඩේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Jan 25, 2024 11:43 AM GMT
Report

කුලියාපිටිය පොලිසිය විසින් යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලෙඩ වුණ කිරිසප්පයන් තිදෙනා නිවසෙහි අගුළු දමා සිර කර වන්දනාවේ ගිය දෙමාපිය යුවළ - වන්දනාව නිමා කර ගෙදරට එද්දිම වුණ වැඩේ.. | Police Arrested Two Person At Kuliyapitiya

ඒ ඔවුන්ගේ දරුවන් තිදෙනා නිවසෙහි දමා භාරයක් ඔප්පු කිරීමට ශ්‍රීපාදයට ගිය මව්පිය යුවළක් ය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දීගල්ල එලතලව ප්‍රදේශයේ මා පිය යුවලකී.

ඔවුන් විසින් එලෙස නිවසෙහි දමා ගොස් සිටි දරුවන් තිදෙනා වයස අවුරුදු අටක, පහක සහ තුන් හැවිරිදි වියේ පසු වන්නන් වේ.

පොලිස් හදිසි ඇමතුම් සේවයට ලද තොරතුරකට පොලිස් නිලධාරීන් විසින් දොරගුලු දමා තිබූ එම නිවස පරීක්ෂා කර තිබෙනවා.

එහිදී උණ රෝගයෙන් පෙළෙමින් සිටියදී දරුවන් තිදෙනා සොයාගෙන ඇත.

ඒ අනුව දරුවන් තිදෙනා කඩිනමින් රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.  

මෙම යුවළ පාන් බිස්කට් වර්ග ආදිය කෑමට නිවසේ තැන්පත් කර තවත් පිරිසක් සමගින් වන්දනාවේ ගොස් ඇත.

වන්දනාගමන නිම වී පැමිණි වහාම එම දෙමාපියන් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ රෝහල් ගතව සිටින දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන්ගේ මව රඳවා ඇති බවයි.

Sponsored By Sarrita Jewellery

ලෙඩ වුණ කිරිසප්පයන් තිදෙනා නිවසෙහි අගුළු දමා සිර කර වන්දනාවේ ගිය දෙමාපිය යුවළ - වන්දනාව නිමා කර ගෙදරට එද්දිම වුණ වැඩේ.. | Police Arrested Two Person At Kuliyapitiya