රන් භාණ්ඩ බලමින් සිටිය දී එකවරම රන් මාල අටක් සහිත පෙට්ටිය රැගෙන පුද්ගලයෙක් පලා ගිහින්..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 06, 2022 04:40 AM GMT
Report

ස්වර්ණාභරණ අලෙවි ආයතනයට පැමිණි පුද්ගලයෙකු ලක්ෂ 7කට අධික රන්මාල සොරකම් කළ පුවතක් හොරොව්පතාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

සැකකරු රන් මාල අටක් සහිත පෙට්ටියක් ගෙන රන්මාල පරීක්ෂා කිරීමෙන් සිටින අතරතුර එක්වරම එම මාල පෙට්ටිය රැගෙන පලා ගොස් ඇත.

ඉන්පසු ප්‍රධාන මාර්ගයේ වෙනත් පුද්ගලයෙකු විසින් නවතා තිබූ යතුරු පැදියක නැග ත්‍රීකුණාමලය දෙසට පලාගොස් ඇති බව වෙළඳසැලේ හිමිකරු ප්‍රකාශ කළේ ය.

එම රන්මාල පෙට්ටිය රැගෙන යන අවස්ථාවේ ඉන් මාල දෙකක් වෙළදසැල තුළ වැටී ඇති අතර එහි තිබූ රන්මාල හයක් කොල්ලකරු විසින් රැගෙන ගොස් ඇත.

සොරකම් කළ රන් මාලවල වටිනාකම රුපියල් 787500/= ක් වන අතර විමර්ශනවල දී අදාල පුද්ගලයින් දෙදෙනා කපුගොල්ලෑව ප්‍රදේශයේ දී කොල්ලකන ලද රන් භාණ්ඩ සහ මෙම සොරකමට යොදාගත් යතුරු පැදිය සමග හොරොව්පතාන පොලිස් ස්ථානයේ නිළදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද (06) දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join