ලක්ෂ 13 ක් වටිනා ඉන්ධන රැගත් බවුසරයක් පැහැර ගනී - මුදලුත් කොල්ල කයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
මහනුවර - හන්තාන කන්දේ සවිකර ඇති පෞද්ගලික දුරකථන සමාගමක සම්ප්‍රේෂණ තාක්ෂණ කුළුණකට අවශ්‍ය රුපියල් ලක්ෂ 13 ක් වටිනා ඩීසල් තොගයක් රැගෙන ගිය ඉන්ධන බවුසරයක් පැහැරගැනීමට උත්සාහ කළ දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ(25) අළුයම කොළඹ සිට ඉන්ධන තොගය රැගෙන මෙම බවුසරය හන්තාන සම්ප්‍රේෂණ කුළුණ බලා පිටත්ව ගොස් තිබුණී.
කොල්ලකරුවන් සිව්දෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ ඉන්ධන බවුසරයට ගමන් කර නොහැකි ලෙස නවතා ඇත.සැකකරුවන් බවුසරයේ රියදුරුට සහ සහයකට පහර දී ඔවුන් සතු මුදල් ද කොල්ලකා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මහනුවර මූලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංකයේ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.