ටියුෂන් ගුරුවරයෙක් ළමයින්ට මත්කරල් විකුණලා..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 21, 2022 03:05 AM GMT
Report

බලපත්‍ර නොමැතිව හා වෛද්‍ය වරයෙකුගේ නිර්දේශයෙන් තොරව තහනම් උත්තේජක ඖෂධ PREGABLIN 150mg (මත් කරල්) කරල් 1299ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්‍ය බලකාය විසින් පෙරේදා (19) කළුතර දකුණ ප්‍රදේශයේ දී කළ වැටලීමකින් අත්අඩංගුවට ගන්නා ලදි.

අදාළ සැකකරු 4,5,6,7 සහ 8 යන ශ්‍රේණි සඳහා ගණිතය හා විද්‍යාව විෂයන්වලට උපකාරක පංති පවත්වනු ලබයි.

සැකකරු කළුතර විද්‍යාලයේ ළමුන් ඉලක්ක කර ගනිමින් මෙම මත්කරල් දීර්ඝ කාලයක පටන් විකුණනු ලබන බවට කරුණු අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු කළුතර දකුණ පොලිසිය විසින් සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join