ගණිකා නිවාසයක් වටලයි - එහි සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ(20) පස්වරුවේ ගල්කිස්ස පොලීසිය විසින් වටලනු ලැබිණී.
එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22,25 සහ 29 වයස්වල පසුවන වතුරාව, කටුගස්තොට හා වල්පිට යන ප්‍රදේශවල පදිංචිකාරියන් ය.
ඔවුන්ව අද(21) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |