අලිවත්තේ අසිතගේ ඝාතනය ගැන හෙළි වූ තොරතුර..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 22, 2022 08:23 AM GMT
Report

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කසුන් නැමැත්තාගේ සහ රූබන් යන අයගේ ගෝලයින් තිදෙනෙකු බව පැවසෙන තිදෙනෙක් මට්ටක්කුලිය ප්‍රදේශයේදී  පොලිස් විශේෂ කාර්ය බළකා අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී පසුගිය අගෝස්තු මස 29 වනදා රණවක ආරච්චිගේ අසිත මදුරංග පෙරේරා නොහොත් අලිවත්තේ අසිත නමැත්තා ඝාතනය කිරිමට යොදාගත් යතුරුපැදිය ද සොයාගෙන ඇත.

එම සැකකරුවන් අදාළ යතුරුපැදිය කොටස් කර විකිණීමට හවුල්වූ අය වන අතර සැකකරුවන් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.