ගම්වාසීන් එකතු වී ගණිකා නිවාසයක් වටලයි - තරුණියන් දෙදෙනෙක් ඇතුළු තුනක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 03, 2023 02:40 AM GMT
Report

යාපනයේ - කොකුවිල් කුලප්පිඩ්ඩි ප්‍රදේශයේ දී ගම්වාසින් විසින් ගණිකා නිවාසක් වටලා තිබෙනවා.

එහිදී ගණිකා වෘත්තියේ නියැලුණු තරුණියන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු කොකුවිල් පොලීසිය වෙත ගම්වාසීන් විසින් බාර දී ඇත.

එම ගණිකා නිවාසය වටලන අවස්ථාවේ දි එහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු නිවාසයේ පිටුපසින් පලා ගිය බව ගම්වාසීන් සඳහන් කළේ ය.

කෙසේවෙතත්, කුලප්පිඩ්ඩි ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට බාර දුන් තරුණියන් දෙදෙනා හා අනෙක් පුද්ගලයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.