සම්භාහන කියලා හොරෙන්ම ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 05, 2023 03:03 AM GMT
Report

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස පොලිසිය විසින් වටලා ඇත.

එම වැටලීමෙන් ගණිකා නිවාසය කළමනාකරණය කිරිම සම්බන්ධව පුද්ගලයෙක් හා එයට සහාය වීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 32 ක් වන පුද්ගලයෙක් වන අතර ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංච්කරුවෙක් ය.

එමෙන්ම සැකකාරිනියන් වයස අවුරුදු 39 ක් හා 49 ක් වන අතර ඔවුන් අලුත්දිවුල්වැව හා දෙහිවල යන ප්‍රදේශවල පදිංච්කාරියන් වේ.

කෙසේ වෙතත්, ඔවුන්  අද(05) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම්තයි.