හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සමග පුද්ගලයින් 06කට කේරළයේ දී සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි 200 අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 200 ක් සමඟ හයදෙනෙකු කේරළයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය නාවික හමුදාව පෙරේදා එරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක දී මෙම හෙරොයින් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා ඉරාන ජාතිකයින් වන අතර, වැටලීම සිදුකරන අවස්ථාවේ දී ඔවුන් එම හෙරොයින් තොගය මුහුදට දැමීමට උත්සහ කර ඇත.
ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදිත මෙම හෙරොයින් පකිස්ථානය සිට ඉරාන යාත්‍රාවකින් ඉන්දියාවට රැගෙනවිත් ඇති බවට අනාවරණ වී ඇත.