ගාලු මුවදොර විරෝධතාවේ දී අත්අඩංගුවට ගත් සිවු දෙනා සම්බන්ධයෙන් ගත් තීරණය..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 10, 2022 03:37 AM GMT
Report

අරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් ගාලු මුවදොර විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් සිවු දෙනා අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ (09) පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කර තිබුණු අතර පොලිසිය දැනුම් දී තිබුණේ එම විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසයි.

එහෙත් ඔවුන් ඊට එකඟතාව පළ නො කිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් හටගත් අතර ඉන් අනතුරුව පොලිසිය මෙම සිවු දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ය.