අනියම් සැමියා එක්ක සැලෝන් ගිය කතක් එහෙ ගිහින් කරපු හරියක් - ගැහුව මාස්ටර් ප්ලෑන් එක නැවතුන තැන..
මොරගහහේන - ගෝනපොළ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකට පැමිණ එහි හිමිකාරියට තර්ජනය කර තියුණු ආයුධයකින් පහර දී රන් ආභරණ කොල්ල කෑ සැකකාරියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
ඇයව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සිය අනියම් සැමියා සමග රූපලාවණ්‍ය සත්කාරයක් සිදු කරගන්නා මුවාවෙන් රූපලාවණ්‍යාගාරයට පැමිණ ඇත.
පසුව අදාළ කාන්තාව එහි හිමිකාරියට තියුණු ආයුධයක් පෙන්වා තර්ජනය කරමින් එම කොල්ලය සිදුකර තිබෙනවා.
සැකකාර පුද්ගලයා රන් ආභරණ රැගෙන පළාගොස් ඇති අතර සැකකාර කාන්තාව එදිනම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
ඇය පසුව තමන්ට රෝගී තත්ත්වයක් ඇතැයි පවසමින් පොලිස් ආරක්ෂාව සහිතව රෝහල්ගත වී තිබෙනවා.
එම සැකකාරිය රෝහලෙන් පළාගොස් තිබුණේ යාබද නිවසකින් ඇඳුම් සහ රුපියල් 14,000ක මුදලක් ද සොරකම් කරමින් ය.
පළාගොස් සැඟව සිටි ඇය දින 19කට පසුව මොරොන්තුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හොරණ පොලිසිය විසින් ය.
කෙසේ වෙතත්, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පිළියන්දල මඩපාත පදිංචිකාරිණියක් ය.