මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවක් දරුවා උකසට තබයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
අත දරුවා ද රැගෙන හිඟමනේ ගිය කාන්තාවක් කොළඹ වරාය පිවිසුම අසල දී පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය චෝදනාවකටය.
මෙම සැකකාරිනිය සිය දරුවා ද වඩාගනිමින් මහමඟ සිඟමනේ යන්නියක් බවට හෙළි වී ඇත.
ඇය දිනකට රුපියල් 7000ක හෙරොයින් පානයට හුරු වී සිටි අයෙකු බව සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
ඇය විසින් දරුවාට කිරිපිටි මිලට ගැනීමට වත්කමක් නොමැති බවට පවසමින් මුදල් එක් කරගෙන ඇති අතර එම මුදල්වලින් මෙලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීමට ඇබ්බැහිව සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්‍යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.