OICගේ වෙස් ගෙන හිටපු නාවික සෙබළෙකු කළ දේ..
පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුන්වා දෙමින් පාදුක්ක ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ හිටපු නාවික සෙබළෙකු හොරණ නගරයේදී ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සෙබලා සන්තකේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 12 කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.
පානදුර වලාන දූෂණ මර්දන ඒකකය ඒකකයේ ස්ථානාධිපතිවරයා බව හඟවා විවිධ ප්‍රදේශ වල විවිධ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගෙන් කිසියම් පුද්ගලයෙකු ලක්ෂ පහළොවකට අධික කප්පම් මුදල් වරින් වර ලබාගෙන ඇති බව මීට මාසෙකට පමණ ඉහත දී ලද තොරතුරු අනුව විමර්ශන සිදුකරන සිදු කරන අතරවාරයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන මහනුවර පදිංචිකරුවෙක් වේ.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.