විනය භාර නියෝජ්‍ය විදුහල්පති අසභ්‍ය ඡායාරූප එම පාසලේ සිසුවියකට යවලා - විමර්ශනවල දී හෙළි වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 17, 2023 04:08 AM GMT
Report

ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකට එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සහ විනය භාර ගුරුවරයා ලෙස කටයුතු කරන ආචාර්‍යවරයා විසින් අසභ්‍ය ඡායාරූප සහ එම සිසුවියගෙන් ලිංගික ප්‍රයෝජන ගැනීම සඳහා දිගින් දිගටම වට්ස් අප් පණිවිඩ යොමුකළ සිද්ධියකට අදාළව සැකකාර එම නියෝජ්‍ය විදුහල්පතිවරයා පොලිසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඊයේ දිනයේ දී ම අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

එම සැකකරු ඌරාපොල ප්‍රදේශයේ ම පදිංචි දෙදරු පියෙක් වන අතර සැකකාර ගුරුවරයා අත්තනගල්ල - හග්ගල්ල ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යයි.

එම උපකාර පන්තියේ ඔහු උගන්වමින් සිටියදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර අදාළ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා සිය ජංගම දුරකථනයෙන් තමාගේ රහස් ප්‍රදේශ පවා ඡායාරූප ගෙන වට්ස්අප් මාර්ගයෙන් සිසුවියට යවා ඇති බව විමර්ශනවල දී හෙළි වී ඇත.

මීට පෙර ද ඔහු 11 ශ්‍රේණියේ සිසුවියකට මෙවැනිම ආකාරයේ වට්ස් අප් පණිවිඩ යවා තිබූ බවත් ලිංගික ප්‍රයෝජන ගැනීමට පොළඹවා ගැනීම, අසභ්‍ය ඡායාරූප නිෂ්පාදනය හා බෙදාහැරීම යන චෝදනා යටතේ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණ.

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා නිවාරණ අපයෝජන කාර්යාංශයට සිසුවියගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කෙරිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.