ලක්ෂ 90ක මහා මුදල් වංචාවක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 16, 2022 01:43 AM GMT
Report

රුපියල් ලක්ෂ 90ක මුදල් වංචාවක් කළ පුද්ගලයෙකු කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පෙරේදා (14) උදෑසන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසකට පිරිසක් පැමිණ කලහකාරි ලෙස හැසිරෙන බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරක් මත පොලීසිය එම ස්ථානයට ගොස් ඇත්තේ. 

එහිදි අදාළ නිවසේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු මුදල් තැන්පතු භාර ගනිමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් වංචා සිදුකර ඇත.

කලහකාරි ලෙස හැසිරී ඇත්තේ ඔහුට මුදල් ලබාදුන් පුද්ගලයන් වන අතර ඔවුන්ගෙන් පොලිසිය පැමිණිලි සටහන් කර ගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කොට්ටාව, මිරිහාන, පිලියන්දල, කහතුඩුව ප්‍රදේශවල පදිංචි 6 දෙනෙකු විසින් සැකකරුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇත.සැකකරු රුපියල් ලක්ෂ 90 ක මුදල් වංචාවක් ඔවුන්ට සිදුකර ඇති බවට අනාවරණ වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join