අහුංගල්ලේ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක්ට සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
අහුංගල්ලේ වෙඩි තැබීමට අනුබල දුන් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකා දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් පෙරේ දා (15) මීගහතැන්න පොලිස් වසමේ තල්පැදිවෙල, මීගහතැන්න ලිපිනයේ දී සිදු කළ වැටලීමකින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර අහුංගල්ල පොලිස් වසමේ පිහිටි RIU හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අධාර අනුබල දීම යටතේ ඉහත සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ.
වෙඩි තැබීමට අදාළ දුරකතන සංවාද පවත්වා ඇති ජංගම දුරකතනයක් ද පොලිසිය සොයාගෙන ඇත.
සැකකරු මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිසිය විසින් සිදු කරයි.