බාලවයස්කාර දැරියකට කළ අහස පොළොව නුහුලන අපරාධය..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 16, 2022 05:38 AM GMT
Report

තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප්‍රතික්ෂේප කළ හොත් විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදු කර කුසට දරුවකු ලබාදෙන බවට තර්ජනය කරමින් වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන වෛද්‍යායතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කුලියාපිටිය - පල්ලේවෙල ප්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන යමින් සුව මෙහෙයන් සිදු කරන විලපොළ ප්‍රදේශයේ පදිංචිකරුවක් වේ.

සැකකරු බාලවයස්කාර දැරියට වසර දෙකක කාලයක් තිස්සේ අසභ්‍ය දර්ශන ජංගම දුරකථනය මඟින් පෙන්වා ලිංගික අතවර සිදු ක‍ර ඇති බව වාර්තා වේ.