අග්බෝගේ ඇහැට කැටපොල්ලකින් විදලා වැඩ වැරදෙයි.. අවසානයේ නැවතුණ තැන..

Sri Lanka Police Sri Lanka Police Investigation Elephant Latest Headlines Decision Making
By krishani 9 months ago
Report

තිරප්පනය පොලිසිය විසින්  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අග්බෝගේ ඇහැට කැටපොල්ලකින් විදලා වැඩ වැරදෙයි.. අවසානයේ නැවතුණ තැන.. | Police Arrested One Person At Thirappane

ඒ තිරප්පනේ වන්නම්මඩුව අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටින 'අග්බෝ' හස්තියාගේ ඇසට කැට පෝලයකින් විද හිංසා කිරිම සම්බන්ධයෙන් ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්කර පනහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ය.

මෙම පහරදීම සම්බන්ධයෙන් වන අලි සුරැකීමේ සංවිධානයක් විසින් තිරප්පනය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, 'අග්බෝ' හස්තියාට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.