පෙම්වතියගේ රන් භාණ්ඩ සොරකම් කළ පෙම්වතා පොලිසියට මාට්ටු වෙලා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 05, 2023 02:08 AM GMT
Report

පෙම්වතියගේ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පෙම්වතෙකු පිළිබඳව තොරතුරු වාර්තා වේ.

20 හැවිරිදි පෙම්වතා නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ලිඳුල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පස්සර ප්‍රදේශයේ 41 හැවිරිදි කාන්තාවක් සමග මෙම තරුණයා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර තරුණයාට මුදල් අවශ්‍යතාවයක් තිබූ බැවින් ඔහු සැලසුම්කර ලිඳුල ප්‍රදේශයට සිය පෙම්වතිය ගෙන්වා ගෙන ඇත.

පසුව මෙම රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකෑම සිදුකර තිබෙනවා.

කෙසේවෙතත්, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.