තේ වෙනුවට හෝටලයක ගජරාමෙට කසිප්පු විකුණලා.. පාන්දර 5 ඉඳලා නැගලම ගිහින්..

Sri Lanka Police Kandy Sri Lanka Police Investigation Latest Headlines
By krishani Jul 22, 2024 11:28 AM GMT
Report

මහනුවර මධ්‍යම වෙළඳපොළ තුළ පවත්වාගෙන යන හෝටලයක හිමිකරු සමඟ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තේ වෙනුවට හෝටලයක ගජරාමෙට කසිප්පු විකුණලා.. පාන්දර 5 ඉඳලා නැගලම ගිහින්.. | Police Arrested One Person At Kandy

ඒ තේ සහ සිසිල් බීම අලෙවි කරන මුවාවෙන් කසිප්පු අලෙවි කරමින් සිටියදී ය.

එහිදී ඔවුව කසිප්පු බෝතල් 08ක් සමග මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් කිසිවෙකුටත් සැක නොසිතන ආකාරයට සිසිල් පැන් බෝතල් තුළ කසිප්පු අසුරා මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙනවා.

හෝටලයේ මුදල් අයකැමිට මුදල් ගෙවූ පසු හෝටලයේ තේ නිකුත් කරන කවුන්ටරයේ සිටින පුද්ගලයෙකු කසිප්පු තේ කෝප්පයට දමා නිකුත් කොට ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, වෙළඳපොලේ සේවය කරන නාටාමිවරුන් වෙළෙඳ සැල්වල සේවය කරන ගෝලයින් එම හෝටලයේ දිනපතා ගනුදෙනුකරුවන් වී ඇති අතර පාන්දර 5.00 සිට එම ජාවාරම සිදුව ඇති බවද පොලිසිය සදහන් කළේ ය.