යතුරු පැදි තුනක් අනතුරට ලක් කර පලා යාමට තැත් කළ හමුදා සෙබළෙකුට වැඩ වැරදෙයි.

By krishani Jul 04, 2023 08:19 AM GMT
Report

යතුරු පැදි තුනක් අනතුරට ලක් කර පලා යාමට තැත් කළ නාවික හමුදා රියදුරෙකු පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ඔහුව කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් උසස් නිලධාරියකුට අයත් නිල රථයක් අධික ලෙස බීමත්ව ධාවනය කර තිබෙනවා.

නාවික හමුදා උසස් නිලධාරියාට තමන් කඳවුරේ සිටින බව පවසා සිය පෙම්වතිය සමග සාදයකට ගොස් එමින් සිට තිබෙනවා.

එහිදී මෙම අනතුර සිදු වී තිබෙන්නේ.සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි.