මෙහෙමත් පියවරු?. පියෙක් තම කුඩා දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පොවන්න හදලා..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka Police Investigation
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හුංගම පොලිසිය විසින් ය.
විදේශගත වී සිටින සැකකරුගේ බිරිඳ මුදල් නොඑවීම නිසා කෝපයට පත් සැමියා බිරිය සහ පවුලේ අනික් අය බිය වැද්දවීමට මෙලෙස සිදු කර ඇති බව සඳහන් වේ.
සැකකරු හුංගම, බටඅත ප්‍රදේශයේ පදිංචි කම්කරුවෙකු ලෙස රැකියාව කරන අයෙක් වේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සැකකරු මෙලෙස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වන විටත් සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, හය හැවිරිදි දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා ඇය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    