සම්බාහනය කරනවා කියලා විදෙස් රූමතියකට කැත වැඩක් කරලා - සියල්ල ඇය හෙළි කරයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 17, 2023 11:58 AM GMT
Report

උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරකයින් සඳහා සේවා සපයන සම්බාහන ආයතනයක සේවය ලබාගැනීමට 38 හැවිරිදි අයර්ලන්ත ජාතික කාන්තාවක් පැමිණ තිබෙනවා.

එහිදී ඇයට ලිංගික අතවර කිරීම සහ එම අතවරයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු සහ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ හබරාදූව පොලිසිය විසින් ය.

ඊයේ (16) මෙම අයර්ලන්ත ජාතික කාන්තාව මෙම ස්ථානයට ගොස් සම්භාහන සේවය ලබාගෙන සිටිය දී සැකකරු ඇයට අතවර කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.