මෙහෙම දෙයක් නම්.. ඒ ගමන තවත් කුකුල් චමින්ද කෙනෙක්?.
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka Police Investigation
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ඌව පරණගම ගම්පහවත්ත උඩ කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතරක පෙර පාසල් දරුවෙකුට තම පියා විසින් කූරත්වයට භාජනය කිරීමේ පුවතක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (20) සවස 5.50ට පමණ වයස අවුරුදු විසි හයක පුද්ගලයෙකු ,ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මීට මාසයකට පමණ පෙර අදාල මෙම පුද්ගලයාගේ විවාහක බිරිඳ විදේශගතව තිබෙනවා.
ඔහු විසින් මෙලෙස පහර දෙන දර්ශන වීඩියෝ කර ඇයට යවා ඇති බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද දින වැලීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ පහර කෑමට ලක් වූ දරුවා පොලිස් භාරයට ගෙන ඇති බවයි.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    