දැරියන් 04 ක් කෙළෙසූ අසූ වියේ මහලු දේවගැතිවරයා..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 12, 2023 07:44 AM GMT
Report

යාපනය - ඉරුපාලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක නේවාසික දැරියන් 04 දෙනෙකු දූෂණය කළ බව චූදිත දේවගැතිවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු අසූවක් වන මෙම දේවගැතිවරයා දූෂණ චෝදනා එල්ල වීම සමඟ යාපනයේ සිට කොළඹට පළා ඇවිත් තිබේ.

එහිදී ඔහු මෙලෙස පොලිසියේ අත් අඩංගුවට පත් වූ අතර එම ළමා නිවාසයේ දරු දැරියන් 16 දෙනෙකු සිටියි.

ඒ අතරින් දැරියන් 4 දෙනෙකු දූෂණය වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති අතර ඒ අනුව කෝපායි පොලිසිය දේවගැතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join