හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට තර්ජනය කළ පුද්ගලයෙකුට සිදු වූ දේ..
Gotabaya Rajapaksa
Sri Lanka Politician
By krishani
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු විසින් හිටපු ජනාධිපති බිරිඳට ඇමතුම් 30 ක් පමණ ලබා දී ඇති අතර ඒ අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |