කාන්තාවන්ට විවාහ පොරොන්දු දී සල්ලී ගැරූ නයිජීරියානුවා..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 20, 2022 04:54 AM GMT
Report

ව්‍යාජ අනන්‍යතා සහිත විවාහ පොරොන්දු දී ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන මෙම නයිජීරියානු ජාතික‍යා 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක් වේ.

සැකකරු සමාජ මාධ්‍ය ජාල හරහා තමා යුරෝපයේ වෙසෙන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයෙක් ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් හරහා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට විවාහ පොරොන්දු ලබා දී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මේ අතර අදාල සැකකරුවා විසින් තමා රවටා ගත් කාන්තාවන්ට තෑගිභෝග එවනවා යැයි පවසා, ඒවා රේගුවෙන් මුදා ගැනීමට අවශ්‍ය මුදල් ද ඔහු එම කාන්තාවන්ගෙන් ලබා ගෙන ඇත.

ඒ අනුව කාන්තාවන් විසින් ඔහු වෙත තැන්පත් කරන ලද මුදල් මහරගම පිහිටි ATM යන්ත්‍රයකින් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී යි සැකකරුවා ව අත්අඩංගුවට ගෙන ඇත.