තුවාලයට බෙහෙත් දමා ගැනිමට ගිය 60 හැවිරිදි කාන්තාවට වෛද්‍යවරයෙකු කළ නොහොබිනා අපරාධය..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 17, 2022 03:13 AM GMT
Report

තුවාලයකට බෙහෙත් දමා ගැනීමට පැමිණි 60 හැවිරිදි දෙදරු මවකට ලිංගික අතවර සිදු කළ කළුතර ප්‍රදේශයේ ඖෂධ සැලක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව මීට සතියකට පමණ පෙර තම අතෙහි ඇඟිල්ලේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමට කළුතර - ගාලු පාරට මුහුණලා ඇති අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් ඇති අතර එහිදි ඇයට මෙම හිංසනය සිදුව ඇත. 

47 හැවිරිදි වෛද්‍යවරයා විසින් මෙම තැනැත්තියගේ ශරීරයේ ද තුවාල ඇත්දැයි පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බව පවසා රෝහලේ දොරවල් සියල්ල වසා දමා සවස 5 සිට රාත්‍රී 7.30 පමණ තෙක් ඇයව ලිංගික අතවරයට ලක් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුට පැවසුවහොත් ඇයව මරණ බවට සැකකරු විසින් තර්ජනය කර ඇත.

ඇය එයින් බියවීම හේතුවෙන් දින කිහිපයක් සිද්ධිය සඟවාගෙන සිට ඇති අතර ඇයට ඇති වූ මානසික පීඩාවත් සමග ඇය මේ බව කළුතර උතුර පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයට පැමිණිලි කර ඇත.

ඒ අනුව අදාළ සැකකාර වෛද්‍යවරයාව පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.