පන්සලක බෝධීන් වහන්සේ අභියසම.. - පෝන් එකෙන් නිරුවත් දර්ශන පෙන්නමින් කුඩා දැරියකට කරපු කැත වැඩේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Jan 27, 2024 11:06 AM GMT
Report

ප්‍රධාන පෙළේ විහාරස්ථානයක බෝධීන්වහන්සේ අභියස බුදුන් වඳිමින් සිටි දස හැවිරිදි දැරියකට අතවර කල බවට පුවතක් කඩුවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

පන්සලක බෝධීන් වහන්සේ අභියසම.. - පෝන් එකෙන් නිරුවත් දර්ශන පෙන්නමින් කුඩා දැරියකට කරපු කැත වැඩේ.. | Police Arrested One People At Kaduwela

ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් 20 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ දුරකථනයේ නිරුවත් දර්ශන ඇතුළත්ව තිබූ බව ද සඳහන් වේ.

මෙලෙස දැරිය අතවරයට ලක්ව ඇත්තේ අදාළ දැරිය සිය මව සහ බාල සොහොයුරිය සමඟ විහාරස්ථානය කරා පැමිණ සිටිය අවස්ථාවේ දී ය.

දැරිය බෝධින්වහන්සේ අභියස පුද පූජා සිදු කරමින් සිටින අවස්ථාවේදී සැකකරු නිරුවත් දර්ශන පෙන්වමින් ඇයව ස්පර්ශ කරන්නට ගොස් තිබෙනවා.

බාගෙට පිච්චෙමින් තිබූ මළ සිරුර ආයෙත් රෝහලටම යයි.. - එහෙ වෙලා තියෙන දෙය..

බාගෙට පිච්චෙමින් තිබූ මළ සිරුර ආයෙත් රෝහලටම යයි.. - එහෙ වෙලා තියෙන දෙය..


එම අවස්ථාවේ ඇය කෑ ගසමින් මව අසලට ගොස් ඇති අතර සැකකරු වෑන් රථයකින් පළාගොස් ඇත.

කෙසේ වෙතත්, පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ කඩුවෙල පොලිසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Sponsored By Sarrita Jewellery

පන්සලක බෝධීන් වහන්සේ අභියසම.. - පෝන් එකෙන් නිරුවත් දර්ශන පෙන්නමින් කුඩා දැරියකට කරපු කැත වැඩේ.. | Police Arrested One People At Kaduwela