"මුන් වටකරලා ගහපල්ලා.. " - කතක් මහ හයියෙන් කෑ ගහලා.. පොලිසියට පෙට්‍රල් දාලා ගිනි තියන්න හැදුව අමුතුම ප්ලෑන් එක.. අවසානයේ සිදුවුණ දේ හිතන්නවත් නැතුව ඇති.. (VIDEO)
කොම්පඤ්ඤවීදිය, වෑකන්දවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රදේශවාසීන් පහරදී, පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සහා කිරීමේ සිදුවීමක් වාර්තා විය.
ඒ පෙරේදා (16) රාත්‍රියේ ය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කොම්පඤ්ඤවීදිය 57 වත්ත ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එහිදී යතුරු පැදියකින් මත්ද්‍රව්‍යය ද රැගෙන පැමිණි සැකකරු තවත් පුද්ගලයෙකු සමඟින් එහි නිවසකට ඇතුළු වී ඇත.
එම අවස්ථාවේ දී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අදාළ නිවසට තුළට යාමට උත්සාහ දරා තිබෙනවා.
එවිට නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙක් කෑ ගසා පරුෂ වචන කියා ඇති අතර ඒ අනුව අවට පදිංචිකරුවන් පොලු, මුගුරු සහ මන්න පිහි ආදියද රැගෙන පොලිස් නිලධාරීන් වටකර පහරදීමට උත්සාහ කර ඇත.
එක් පුද්ගලයෙකු ප්ලාස්ටික් බෝතලයක තිබූ පෙට්‍රල් පොලිස් නිලධාරීන්ගේ සිරුරුවලට විසිකර ගිනි තැබීමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබා එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, පසුව සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 9 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණ.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා ඔහු සමග සිටි අනෙක් පුද්ගලයා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සියල්ල පහත වීඩියෝවෙන්,
වීඩියෝ දර්ශන - Ada Derana