මෝල්කාවේ චමීට අත් වූ ඉරණම..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 07, 2022 05:19 AM GMT
Report

යතුරුපැදි දෙකක් හා පාපැදි හයක් ඇතුළු ලක්ෂ 20ක දේපළ සොරාගත් මෝල්කාවේ චමියා නමැති පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු විසින් බුලත්සිංහල පොලිස් වසම තුළ සොරකම් රැසක් සිදු කර ඇත.

සැකකරු සතුව තිබී සොරා ගෙන තිබූ යතුරුපැදි 2ක් පාපැදි 6ක් වතුර මෝටරයක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 2ක් වායු පීඩන යන්ත්‍රයක් වාහන බැටරියක් හා රබර් ෂීට් තොගයක් පොලිසිය භාරයට ගෙන ඇත.

ඔහු දැඩිව හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහිව සිටින අයෙකු බවත් ඔහු රාත්‍රී කාලයේ දී සැකකටයුතු අයුරින් සැරිසරන බවටත් ලද තොරතුරක් අනුව අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මෝල්කාව පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් ය.

සැකකරු කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join