ජනප්‍රිය ගායක මදුමාධව අරවින්ද අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Oct 16, 2023 01:25 PM GMT
Report

ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වන අතර මෙලෙස බීමතින් රිය පදවා ඇත්තේ මාතර දෙස සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ය.

පොලිසිය සඳහන් කළේ අධිවේගී මාර්ගයේ දෙපස පිහිටි ආරක්ෂක වැටවල් බිද දමමින් ඉදිරියට ධාවනය කර ඇති බවයි.

කෙසේවෙතත්, ඔහුව පොලිස් ඇප මත මුදාහැර ඇත.