පොලිස් නිලධාරින්ට කාන්තාවන් පිරිසක් වට කර පහර දීලා - මහ මග ම කළ කලබලය නිසා පොලීසියේ දෙකක් රෝහලේ..
පිටකොටුව පොලිසියේ නිලධාරින් පිරිසකට කාන්තාවන් පිරිසක් පහර දුන් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ එම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මුදා ගැනීම සඳහා එම නිලධාරීන් පිරිසට පහර දුන් ජාවාරම්කාරියගේ ඥාති සහෝදරියන් තිදෙනෙක් විසින් ය.
ඔවුන් ඇතුළුව එම ජාවාරම්කාරිය මරදාන ලොකට් ලේන් ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 600 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 200 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, සැකකාරියන්ගේ පහර කෑමට ලක් වූ උප පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා නාරහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
මෙම කලබලය සිදුව ඇත්තේ පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු පිටකොටුව බැස්ටියන් මාවතේ දී හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් අනාවරණ වූ තොරතුරු මත ඔහුට මත්කුඩු සැපයූ ජාවාරම්කාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන ලොකට් ලේන් ප්‍රදේශයට ගිය අවස්ථාවේ දී බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
වාර්තා වන්නේ, ජාවාරම්කාරිය අත්අඩංගුවට ගෙන කැබ් රථයට නන්වා ගැනීමට සූදානම් වීමේදී එම ජාවාරම්කාරිය ආවේගශීලීව කෑ ගසමින් භූමිතෙල් තබාගෙන ගිනි තබා ගන්නා බවට තර්ජනය කිරීමත් සමඟම පොලිස් නිලධාරීන් පිරිස වටකර ගත් ජාවාරම්කාරියගේ ඥාතීන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ට පහර දී සැකකාරිය මුදා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇති බවයි.
වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලිසියේ අමතර පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පිරිස විසුරවා හැර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පහර දුන් කාන්තාවන් තිදෙනෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියද අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.