පාසල් සිසුවෙකු මාර්ගයෙන් පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය බෙදලා - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?....

Sri Lanka Police Sri Lanka
By krishani Dec 06, 2022 07:14 AM GMT
Report

පාසල් ශිෂ්‍යයෙකු මාර්ගයෙන් සිසුන්ට අයිස් සහ මත්පෙති බෙදූ සිසුවෙකු ඇතුළු 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ(05) හොරණ - මිල්ලනිය සහ පරගස්තොට යන ප්‍රදේශයන්හි සිදුකරන ලද වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන ඇත.

18 හැවිරිදි පාසල් සිසුවෙකු මාර්ගයෙන් එම මත්ද්‍රව්‍ය පාසල් දරුවන්ට බෙදා ඇති බව අනාවරණ වී ඇත.

අදාළ පාසල් ශිෂ්‍යාට මේ සඳහා ආධාර අනුබල දී ඇත්තේ ඔහුගේ මව බවට ද හෙළි වු අතර සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13ක් සහ මත් කරල් 120ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join