විදෙස් මුදල් තොගයක් සමග සිව් දෙනෙක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (16) පිටකොටුව - ටෙනෙට් වෙළඳ සංකීර්ණය, මාළිගාවත්ත නුරානියා මංසන්ධියේදී සහ කොළඹ 11 ප්‍රදේශවල රන් ආභරණ අලෙවිසැල් තුනක් පරීක්ෂාවට ලක් කිරීමේදී රුපියල් එක්කෝටි අසු හය ලක්ෂ අනූ පන්දහසක මුදලක් සහ රුපියල් ලක්ෂ හතරක විදේශ මුදල් තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විදෙස් මුදල් තොගය අතර ඇමරිකන් ඩොලර් 100 යේ නෝට්ටු 9 ක් සහ ඉන්දීය රුපියල් දහයේ නෝට්ටු 16 ක්, කුවේට් ඩිනාර් නෝට්ටු හතක් ඇතුලු විදේශීය මුදල් වර්ග කිහිපයක් තිබූ බවයි පොලිසිය පවසයි.
විදේශ මුදල් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත, මරදාන සහ අලුත්කඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |