හඳුන්කුරු අලෙවි කිරිමේ මුවාවෙන් කාන්තාවන් 05ක් ගැට කපලා..
හැටන් නගරයේ ගැට කැපීමට පැමිණ සිටි කාන්තාවන් පස්දෙනෙකු හැටන් පොලිසිය මගින් අද (17) අත්අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගිකයන්ගේ රණ් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරීමට මෙම තරුණියන් පස් දෙනා තවත් පිරිසක් සමග හැටන් නගරයට පැමිණ ඇත.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා අභිකුණ්ඨකයන් වන අතර එම කාන්තාවන් පස් දෙනා හොඳින් ඇඳ පැළඳ උත්සව සමයේ හඳුන්කුරු අලෙවි කිරිමේ මුවාවෙන් මුදල් පසුම්බි සහ රණ් ආභරණ සොරා ගන්නා බව හැටන් පොලිසිය පවසයි.
අවු 18 – 30 වයස් කාණ්ඩ වල පසුවන අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබී මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |