දුරකථන කුලුනුවල බැටරි ගලවා සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
දුරකථන සන්නිවේදන කුලුනුවල සවිකර තිබූ බැටරි සොරකමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු වීරකැටියේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
වීරකැටිය, තංගල්ල, බෙලිඅත්ත, හක්මන, අම්බලන්තොට, හම්බන්තොට ඇතුළු ප්‍රදේශවල පිහිටි සන්නිවේදන කුලුනුවල සවිකර ඇති බැටරි සොරකම් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එහිදී බැටරි 138ක් සහ සොරකම් සඳහා යොදාගන්නා ලද කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් ද පොලීසිය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල, හක්මන හා තංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඔවුන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.