කෝටි 800ක් වංචා කළ ආයතන ප්‍රධානීන් 05 දෙනෙකුට සිදු වූ දේ - ඔබත් ආරක්ෂිත ද?..
Sri Lanka Police
Sri Lanka
By krishani
පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන පෞද්ගලික ආයතනයක ප්‍රධානින් පස් දෙනෙකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (12) දින නියෝගයක් නිකුත් කළේ ය.
ඒ අනුව දෙසැම්බර් මස 09 වනදා ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි සිතාසි නිකුත් කෙරුණු අතර සිද්ධියට අදාළව වංචාවට හසු වූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටියි.
මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව අධිකරණයේ දී අනාවරණය විය.
එම ආයතනයේ ප්‍රධානීන් පස් දෙනාට රටින් පිටවීමේ අවධානමක් ඇති බැවින් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඊයේ නඩුව කැදවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.