බූරු මුණා පොලිස් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka
By krishani Mar 17, 2023 09:26 AM GMT
Report

මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණ.

බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් එම තහනම පැන වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

පසුගිය 24 වනදා සැකකරු විදේශගතවීමට උත්සාහ ගැනීමේ දී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට පත්කර තිබියදී සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළාගොස් තිබිණ.

ඔහු මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.