ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පාසල් සිසුවෙක් හැක් කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 09, 2022 05:08 AM GMT
Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අත් අඩංගුවට ගෙන ඇත.

අදාළ ශිෂ්‍යයා විසින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 272,682 දෙදෙනාගේම විභාග ප්‍රතිඵල ලේඛනය සොරාගෙන තිබෙන අතර ඔහු විසින් අදළ ප්‍රතිඵල ලේඛනය බාගත කරගනිමින්, එය වෙනමම වෙබ් අඩවියක් හරහා විභාග අපේක්ෂකයින්ගේ නම ඇතුළත් කර සැණින් ප්‍රතිඵල ලැබීමට සලස්වා ඇති බවට වාර්තා වේ.

විමර්ශනවල දී හෙළි වී ඇත්තේ මෙම සිසුවා 5000ක පමණ සාමාජිකයින් සිටිනා වෙබ් අඩවි හැක් කරන කණ්ඩායමක ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join