බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට.

Sri Lanka SL Protest
By krishani මාස 1 කට පෙර
Report

අද (08) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත් වූ  පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරු පැමිණෙන මාර්යෙහි උන්වහන්සේ වැඩ විසූ අතර පොලීසිය මැදිහත්ව කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ය.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයත් පැවැත්විණ.

අනතුරුව භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුණේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join